අගමැති මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇති බව පැවසෙනවා. අගමැතිවරයා ඊයේ (08) දිනයේ දී අනුරාධපුර ශ්රී මහා බෝධිය සහ රුවන්මැලි සෑය වැඳපුදාගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය භාර දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

 අද දිනයේ දී අරලියගහ මන්දිරයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමු වී අගමැතිවරයා තම ඉල්ලා අස් වීම ප්රකාශයට පත්කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.