තම ධූර කාලය තුළ විධායක ජනාධිපතික්රමය අහෝසි කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟතාවය පළ කර ඇති බවට වාර්තා පළවනවා.

දැනට රට තුළ පවතින අර්බුදය විසඳීමට ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් යෝජනා 13ක් සහිත වැඩපිළිවෙල ජනාධිපතිවරයාට පිළිගන්වන අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ. ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සලකා බලන බවට ජනාධිපතිවරයා පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.