දැනට ආණ්ඩුවට ලබාගත හැකි උපරිම ණය සීමාව වන ට්‍රිලියන 2.9 දක්වා ළඟා වී ඇති බවත් එබැවින් එම සීමාව ට්‍රිලියන 4ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් මුදල් අමාත්‍ය අලි සබ්‍රි කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබෙනවා.

එසේ උපරිම ණය සීමාව ඉහළ දැමීමට නොහැකි වුවහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයන්ගේ වැ‍ටුම් ගෙවීමට ද මුදල් නැති බවයි ඇමතිවරයා පවසා ඇත්තේ. ණය සීමාව ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වනවා. පවතින තත්ත්වයන් මත පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අසීරු තත්ත්වයක් ඇති බවයි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී  ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ.