අද (06) දිනයේ රට පුරා දැවැන්ත හර්තාල ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා. වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන දෙදහසක පමණ එකතුවෙන් මෙම හර්තාලය සිදු කරනු ලබනවා. 

රාජ්‍ය සහ අර්ධරාජ්‍ය ආයතන ද පෞද්ගලික අංශයේ බොහොමයක් ආයතන ද වසා දමා ඇති අතර ප්‍රවාහන සේවය ද අද දිනයේ අඩාල වී තිබෙනවා. 

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් මෙම හර්තාලය සිදු කරනු ලබනවා.