ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය තරුණ ජීවිත ද බිලි ගැනීමට පටන් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙතෙක් කොරෝනා වෛරසයෙන් ලොව වැඩි වශයෙන් බිලි ගත්තේ වැඩිහිටියන්.
ගත වු සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරසය ව්‍යාප්තවීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ස්පාඤ්ඤය සහ ප්‍රංශයේ ද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යයන්හි සදහන්.
ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා. ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන අවසන්.
ස්පාඤ්ඤය තුළ යළිත් කොරෝනා වෛරසය පැතිර යාමත් සමග යුරෝපය තුළ කොරෝනා දෙවන රැල්ලක දැඩි අවදානමක් මේ වනවිට මතුව තිබෙනවා. ඒ අනුව යළිත් කොරෝනා රීති දැඩි කිරීමට රටවල් රැසක් දැනටමත් පියවර ගෙන අවසන්.